මට අවශ්‍ය වන්නේ රජ පවුලක් අැති කිරීමට නොව සියලුම පවුල් රජ කරවන්නට යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(28) කොළඹ පැවති පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සමග යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග ඒකාබද්ධ මහජන ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍Google සමාගම ඔවුන්ගේ අලුත්ම ව්‍යාප්තියක් ලංකාව තුළ අාරම්භ කිරීමට එකග වී අැත. මෙය සැමට නොමිලේ ඉන්ටනෙට් ලබාදීමට ගන්නා උත්සාහයකි. මෙමගින් බලාපොරොත්තු වන්නේ ඩිජිටල්කරනය තුලින් අලුත් ආර්ථික ව්‍යුහයක් සැකසීමය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැතිවරණ ප්‍රකාශය අද දින කාටත් කළින් පිළිගැන්වුයේ සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතටය. මෙම අවස්ථාවට සන්ධානයේ ප්‍රධාන පෙළේ නායකයෝ ‍රැසක්ද සහභාගී වී සිටි අතර ඔවුන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.

2012 මැයි මස 16 වැනි දින සිදු කෙරුණු වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව සැබෑ තොරතුරු අධිකරණයක දිග හැරෙන්නේ වසර තුනකුත් මාස දෙකකටත් පසුවය. ඒ ද, පසුගිය ජනවාරි 8 මැතිවරණය දිනයේ පවා ඡන්ද පොළට වී ඒ. ආර්. සිරිසේන හෙවත් ඩමි සිරිසේන සමඟ සෙල්ෆි ඡායාරූප රැගෙන සමාජ මාධ්‍ය ජාලා තුළ පතුරුවමින් ගොන් ආතල් ගත් රාජපක්ෂ පුතුන් සිය පියාද සමඟම බලරහිත වී මාස හතකටත් පසුවය. එතෙක් එය හුදෙක් රිය අනතුරක් පමණක් ම විය.

මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක් අතර නව එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම අද (28 ) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිණි.

අගෝස්තු 17 වෙනිදායින් පසුව එක්සත් ජනතා නිදහස් සංධානය ආසන 90 ට වැඩි සංඛ්‍යාවක් ලබා ගන්නා බවත් ඉන්පසුව බෝනස් ආසන 15ක් ලබා ගෙන පැහැදිලිවම සංධාන ආණ්ඩුවක් යටතේ මේ රටේ බලය පිහිටුවන බව වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

වයස 18 ට වැඩි හැම තරුණයෙක්ටම ඉගෙන ගන්න රුපියල් 50,000 ගානනේ දෙන බවත් විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනකොට ළමයිට ඒ සදහා සූදානම් වෙන්න රුපියල් 10,000ක් ලබා දී මහපොළ 6000ක් දක්වා වැඩි කරන්න තීන්දු කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමිනි.

ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට, විධායක ජනාධිපති ධූරයත්, ආණ්ඩු බලයත්, රජයේ මාධ්‍ය සහ රාජ්‍ය දේපළ සියල්ලත්, කැලෑ නීතියත්, සියල්ල අතැතිව, ඡන්ද දායකයින්ට වරදාන, වරප්‍රසාද, සහ අල්ලස් ලබාදෙමින් අතිශය දූෂීත ලෙස තුන්වෙනි වාරය සදහා ජනාධීපතිවරණයට තරඟ කළ එකම ජනාධිපතිවරයා ලෙසත්, එසේ තරඟ කර පරාජය වූ එකම ජනාධීපතිවරයා ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා ලාංකීය දේශපාලනය ඉතිහාසයට එකතු වූයේ ජනවාරී 8 වෙනි දිනය.

ld add copy

Connet With Us