සිවුරු හොවා ගත් ජාතිවාදී මැරයන් බහුල මේ කාලයෙහි එහි මුල් කාලයේ ප්‍රමුඛයකු වූ අහුන්ගල්ලේ සීලවිසුද්ධි හිමිට වත්මන් යහපාලන ආණ්ඩුවෙන්ද හමුදා ආරක්ෂාව ලබාදීම මහත් ගැටලුවක්ව තිබෙන බව එම හිමි වැඩ සිටින විහාරස්ථානයේම දායකදායිකාවන් පවසා සිටිති.

නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා ගෙන ඒමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව හෙට හා අනිද්දා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත්, ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් බලපෑම් කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

20සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හකුළුව බවත් රටේ දේශපාලනය පවුල් දෙකකට සීමා කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.එබැවින් ඊට එකඟවීමේ හැකියාවක් නොමැති බව ඔවුන් පවසයි.

දිවයින පුරා අලෙවි කරන ලූණු වල අයඞීන් ප‍්‍රතිශතය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටුයතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබේ.

පසුගියදා ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දියානු ධිවර පිරිස අද(22) යාපනය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිතය.

‘‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ මේ වසරේ ශිෂ්‍ය වීර දිනයේ ප්‍රධාන සැමරුම ඊයේ (20) දින රුහුණ විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

ld add copy

Connet With Us