හොර අගමැතිගේ ආර්ථික තීන්දු නිසා රට නැවත වලපල්ලට - ආර්ථික විශේෂඥයන් අනතුරු හඟවයි

Published in පුවත්
Friday, 02 November 2018 12:48

හොර අගමැති මහින්ද රාජපක්ෂ මුදල් හා ආර්ථික කටයුතුද තමන් සන්තකේට ගෙන මේ වන විට නටන පිස්සුවේ ප්‍රතිපළ ලබන වසරේදීම සියලු ශ්‍රීලංකිකයන්ට අත් විඳීමට සිදු වනු ඇති බව ආර්ථික විශේෂඥායෝ අනතුරු හගවා සිටී.

දැවැන්ත ණය උගුලක සිරව සිටි රට, ආර්ථික අර්බුධයකට නොයවා යම් කලමනාකාරිත්වයක් ඔස්සෙ මෙහෙය්වා ගැනීමට මුදල් ඇමැති මංගල සමරවීර සමත්ව තිබිණි. මේ මොහොතේ සුළු පීඩනයක් දරාගෙන සිටීමෙන් අනාගතයේදි වැඩි ප්‍රතිලාබයක් අත්පත් කර ගැනීමට සැලසුම් කිරීම සිදුව තිබිණි.

2019 වසර වන විට රුපියල් බිලියන 586 ක් ණය සහ වාරික වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත්, එය නිදහස් ශ්‍රී ලංකාවේ එක් වසරක් තුළ ගෙවිය යුතු වැඩිම ණය ආපසු ගෙවීම ලෙසත් සැලකෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබිණි. මෙය මේ රටේ ආණ්ඩුවක් මුහුණපා තිබෙන බරපතලම අභියෝගයකි. එහෙත් මහින්දගේ මෝඩ තකතීරු තීන්දු තීරණ නිසා රට යලි අර්බුධයකට යෑම මිසක් වෙනකක් නොවීමට ඉඩ නැති බව ආර්ථික විශේෂඥ මතය වේ. එසේම ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යෑම තුල ප්‍රශ්නය බරපතල වෙනු ඇත.

නව ආදයම් බදු පනතක් ගෙන එමින් විධිමත්ව සකස් කළ බදු ප්‍රතිපත්තියට එරෙහිව යමින් මහින්ද රාජපක්ෂ ගැලරිය පිනවීම වෙනුවෙන් ඊයේ රාත්‍රියේ තෙල් මිල අඩු කිරීම හා භාණ්ඩ හා සේවා කිහිපයක් මත පනවා තිබු බදු ප්‍රතිශතයන් අඩු කර තිබේ. තමන් කළ ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය නිසා ජනතාවගේ අප්‍රසාදයට පත්වීම මග හරවා ගැනීම වෙනුවෙන් හා ඉදිරි මැතිවරණ ඉලක්ක කර මේ මෝඩ තකතීරු තීන්දුව ගෙන තිබෙන බව පැහැදිලිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us