රනිල් නැතිව එජාපයෙන් ඕනම කෙනෙකුට අගමැතිකම දෙනවා - සිරිසේන යළිත් එජාප ජේෂ්ඨයන්ට දන්වයි. Featured

Published in පුවත්
Wednesday, 07 November 2018 14:29

පසුගියදා පාර්ලිමේන්තු හන්දියේදී වහසි බස දෙඩවූවද මහින්දව අගමැති කරවා ගැනීමට අවශ්‍ය බහුතරය නොමැති කමින් සිරිසේන ජනාධිපතිවරයා වියරුවෙන් මෙන් කටයුතු කරන්න පටන් ගෙන තිබේ.

රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්ඩීන්, මනො ගනේශන් වනි සුලු ජාතිකත්වයන් නියොජනය කරන පක්ෂ කණ්ඩායම් කැදවා තමන්ට සහය දෙන මෙන් ඉල්ලා සිටියද ඒ නොලැබෙන බව සහතික වීමෙන් පසුව තර්ජනය කරනටද පටන් ගෙන තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කරන තර්ජය ඒ අනුව සිදුවන්නකි ව්‍යවස්ථානු කූලව ජනාධිපතිවරයාට බලයක් නැතත් හොර අගමැති පත් කළා සේ පාර්ලිමෙන්තුව විසුරුවා හැරිය බව ඔහු නුදුෙර්ම ප්‍රකාශ කිරීමටද ඉඩ තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දෙයි. බලයට කෑදර ඒකාධිපතියකු ෙස් හැසිරෙන සිරිසේන රටේ නිතිය , ප්‍රජාතන්ත්‍රවාදය කුමක් වූවත් හිතුවක්කාර ලෙස තින්දු තීරණ ගැනීමට පෙළඹිම විශාල අනතුරක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ අතර ඊයේ දිනයේදීද එජාපයේ ප්‍රබලයකු හා පැවැති සාකච්ඡාවකදී ඔහු අවධාරණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ හැර වෙන ඔ්නැම කෙනෙකුට අගමැතිධුරය බාර දිමට සුදානම් බවයි. නමුත් එජාප ජේෂ්ටයා ඒ යෝජනාව බැහැර කර තිබේ. සුලු ජාතික නියෝජිතයන්ගෙන්ද අවසන් වරට කළ ඉල්ලීම වී ඇත්තේද රනිල්ව අගමැති ලෙස පිලිනොගෙන වෙනත් අයකු වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කරන ලෙසය.

රනිල් යළි අගමැති වූවොත් තමන් පැයක්වත් ජනාධිපතිධුරයේ ඉන්නෙ නැති බවද මීට පෙර සිරිසේන විසින් පවසා තිබිණි. දැන් ඔහුගේ අර්බුධය ඇත්තේ එතැනය. බලයට කෑදර කැම නිසා ඒ අත් හැර ගැනීමේ බරපතල ගැටලුවක් ඔහු හිරවී සිටී.

 

Last modified on Wednesday, 07 November 2018 14:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us