මේක මහින්ද, බැසිල්, රනිල් විනාශ කරන කුමන්ත්‍රණයක්..ගෝඨාට මඟ විවෘත්තය Featured

Published in පුවත්
Thursday, 08 November 2018 12:18

සිරිසේන ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයේ සැබෑ අරමුණ මහින්ද රාජපක්ෂ තව දුරටත් ජාතික නායකත්ව තලයෙන් පලවා හැරීමේ කුමන්ත්‍රණයක් ලෙස පෙනෙන්නට තිබේ.

මෙම ක්‍රියාදාමය මුල පටන් පෙළ ගැස්වී තිබූ ආකාරය අනුව මේ වන විට වැඩිම අවාසිදායක තත්වයක් උදාකර ඇත්තේ මහින්දටය. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව මහින්දට අගමැති සිහිනය හැබෑ කර ගත නොහැක. ඊට පැහැදිලිවම ව්‍යවස්ථාවෙන් ඉඩක් නිර්මාණය වීද නැත. අනෙක් කාරණය ආණ්ඩුවක් පිහිට වූවද එය ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාජ ආර්ථික මෙන්ම දේශපලනික වියවුල් සමයක් වනවාට සැක නැත. ඒ අනුව ජනතාවගේ අප්‍රසාදයට ලක්වන්නෙ මහින්දයි.

සිහින කුමරා නාමල්

මහින්දගේ උත්සාහය 2020 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් ඇති බාධා ඉවත් කර ගැනීමය. 2025 නාමල් රාජපක්ෂව ජාතික නායකයකු බවට අභිෂෙක කිරීමේ ඔහුගේ උවමනාව සාක්ෂාත් කර ගත හැක්කේ 2025 දැක්වා රටේ දේශපාලන යාන්ත්‍රණය සියතට ගත හොත් පමණි.

ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැර තුනෙන් දෙකක ආණ්ඩුවක් කෙසේ හෝ නිර්මාණය කරගැනීමේ වුවමනාවය. හදිසි මහ මැතිවරණයකින් ඒ අවස්ථාව උදාකර ගත හැකි බව ඔහු විශ්වාස කරයි. නමුත් මේ අවස්ථාව තවදුරටත් ඔහුගෙන් මඟ හැරෙමින් පවතී.

ගමනක අවසානය

ශ්‍රීලනිපයට පාර්ලිමේන්තුවේ අනෙක් කවර පක්ෂයක හෝ කොටස් එක් කරගෙන ආණ්ඩුවක් පිහි‍ටුවීමෙ හැකියාවක් ව්‍යවස්ථානු කූලව නැත. හවුල් ආණ්ඩුවක් පිහිටු වීමේ ව්‍යවස්ථානුකූල හැකියාව ඇත්තේ බහුතර ආසන සංඛ්‍යාවක් ඇති එජාපයටය. ඒ අනුව නීති විරෝධී ආණ්ඩුවක් මිස වෙනකක් පිහි‍ටු විය නොහැක.

කොහොම නමුත් මේ වන විට මහින්දට තිබූ වාසිදායක කොන්දේසි සියල්ලම විනාශ වෙමින් පවතී. එමෙන්ම බලයට කෑදර කමේ තමන්ගේ පනස් වසරක පමණ වන දේශපාලන පරිචය තුලින් ලැබූ දේශපාලන පෞර්ෂයද හමාර කර ගනිමින් තිබේ. ඔහු ඔහුගේ ගමනක අවසානය දැන් සනි‍ටුහන් කරගෙන අවසන්ය.

ගෝඨා මාවතේ ගෝමීන්

එහෙත් මේ සියලු සිදුවීම් සලකා බැලිමේදී රටේ ජාතික නායකත්වය අපේක්ෂා කරමින් සිටි ගෝඨාභයට ඒ සඳහා වන මාවත පහසුවෙන් විවරකර දීමට මේ දේශපාලන වියවුල සමත්ව තිබේ.

ගෝඨාට තිබූ බාධකය මහින්දය. ඔහුව වලක්වනු ලැබුවේ මහින්දය. සිරිසේන මහින්ද කුමන්ත්‍රණකාරි මෙහෙයුමට ගොඨා හවුල් වූයේ නැත. ලෝකයට පේන්න පොඩ්ඩක් රැඟුවා පමණි. දැන් ඔහු ආගිය අතක් නැත. රනිල් වික්‍රමසිංහ හමු වී තමන්ට බහුතර නැති බවත් රට අරාජික නොකර මේ ප්‍රශ්නය ගොඩින් බේරාගන්න යැයි මුලින්ම යෝජනා කළේ ඔහුය. පසුගියදා ජාතික රුපවාහිනියේ ඇත්ත නැත්ත වැඩසටහනට සම්බන්ධ වී සිටි නීතිඥ ගෝමීන් දයාසිරි, මෛත්‍රීගේ ව්‍යස්ථානුකූල නොවන ක්‍රියාමාර්ගය පට්ට ගැහුවේය. තවමත් නීත්‍යානුකූල අගමැතිවරයා රනිල් බව ඔහුට කියන්නට සිදු විය. ගෝමීන් යනු වීරවංශලා සමඟ එක පෙලට සිටගෙන සිටින ගෝඨා පාක්ෂියෙක් බව අමුතුවෙන් කිව යුතු නැත.ගෝඨා පාර්ශ්වය හෙමින් සැරේ තමන්ගේ වුවමනාව වෙනුවෙන් ක්‍රියත්මක වෙමින් සිටින බවද පෙනෙන්නට තිබේ.

මෛත්‍රී යුගය අවසන්

සිරිසේනට මහින්දගේ ආණ්ඩුවක් පිහි‍ටු වීමට නොහැකි විය. ශ්‍රී ලනීපයෙම කොටස් ඔහුට එරෙහි වන විට මිලදි ගත් මන්ත්‍රීවරුන්වද විශ්වාස නැත.( තවමත් ඔවුන්ට දී ඇත්තේ අත්තිකාරම් මුදල් පමණක් නිසා ඔවුන් පවා ආපසු හැරෙනට ඉඩ තිබේ) පාර්ලිමේන්තුව විසිරුවන්ට නොහැකි විය. එක එක සෙප්පඩ විජ්ජා ගැල විජ්ජා දැම්මත් මෛත්‍රී දැන් අසරණය. ඔහු බිත්තියට හේත්තු කිරීමට එජාපය ප්‍රමුඛ ප්‍රජතන්ත්‍රවාදී බලවේග සමත්ව තිබේ.

දැන් ශ්‍රිලනිපයට විශ්වාසවන්ත නායකයකු නැත. මෛත්‍රී යුගය අවසන්ය. මහින්දගේ පොහොට්‍ටුව බැසිල් සන්තක දේපලකි. යළි මහින්දට ශ්‍රී ලනිපය හො පොහොට්‍ටුවේ නායකත්වය හිමි වෙතැයි බලාපොරොත්තු තැබිය නොහැක. මහින්දගේ නායකත්වය විශ්වාස කරගෙන පොහොට්‍ටුව වටා එක් වු පිරිස බැසිල්ව පිළිගන්නේ නැත. බැසිල්ට වඩා දේශපාලනික පැවැත්මක් ගෝඨා සතුව තිබේ. ජනතාව අතර සිටින නායකයා ගෝඨාය. මේ නිසා මහින්ද අවලංගු වූ විට බැසිල්ද අවලංගු වනු ඇත.

ඒ අනුව පොහොට්‍ටුව වටා එක්වූ බලවේග ගෝඨා වෙත සමීප වෙනු ඇත. මේ අවස්ථාවෙන් ප්‍රයොජනය ගැනිමට ගොඨා සමත් වුවහොත් ඔහුට රාජ්‍ය නායකත්වයට පත් වීමෙ පහසු අවස්ථාවක් තිබේ.

රනිල් නැතුව සජිත්

ගෝඨාට එජාපයෙන් අභියෝගයක් නැත. ඔහුට අභියෝගයක්ව තිබූ නායකයා රනිල්ය. එහෙත් රනිල් සාධකය එජාපයෙන් ඉවත් කිරීමට එජාපයම මේවන විට තීන්දු තීරණ ගනිමින් සිටී. රනිල්ගේ අනුප්‍රප්තිකයා විය හැක්කේ සජිත්ය. සජිත් එජාපයට ගැලපෙන නායකයකු නොවනවා සේම පහළ පාංතිකයන්ගේ හැර මධ්‍යපාන්තිකයන්ගේ විශ්වාසය දිනා ගත හැකි අයෙකු නොවේ. ඔහුගේ නායකත්ව ගුණයද දේශපාලන පක්ෂයකට සරිලන්නෙ නැත. එජාපය ඊට වඩා නූතනවාදී නායකයකු යෝජනා කරන්නෙ නම් ගෝඨාට එය තරගයක් වනු ඇත. එහෙත් පවතින තත්වයන් යටතේ එජාපය නිවැරදි නායකයකු ‍තෝරා ගැනීම සම්බන්ධයෙන් අසමත් වීම හැර දියුණුවක් නොපෙන්නවනු ඇත.

රාජපක්ෂ පිළෙහි පෙරමුණේ රාළලා වූ විමල් වීරවංශලා, උදය ගම්මන්පිළලා , මහින්දානන්දලා, දිනේෂ්ලා දත කැවේ ගෝඨාව මිළඟ රාජ්‍ය නායකයා බවට පත් කර ගැනිමටය. මේ කණ්ඩායමේ මීළඟ පියවර ගෝඨාව දෝලාවක තබා ගෙන ඉදිරියට පැමිණීම බව උපකල්පනය කළ හැක.

- සුජය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us