ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පවත්වන සමුළුවක ප්‍රධාන දේශකයෙක් ලෙස සහභාගීවීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අද දින පිටව්තව ගියාය. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාද මෙම සමුළුව ඇමතීමට නියමිතව ඇත.

2011 වසරේ සිට 2014 දක්වා ගතවූ සිව් වසර තුල මෙරට සිදුවි ඇති විවාහ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවි ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිතුත් කොට ඇති සංඛ්‍යාන දත්ත වාර්තාවේ සදහන්වේ.

කැබිනට් ඇමැතිවරු 48කගෙනුත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 45කගෙනුත් යුක්ත ඇමති මණ්ඩලය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ ආණ්ඩු පක්ෂයේ යෝජනවා ඊයේ (01) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

අට වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය

යුද්ධය පැවති සමයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මගින් ව්‍යාජ එල්.ටි.ටි.ඊ. ඔත්තු සේවයක්‌ බිහි කර ක්‍රියාත්මක කරනු ලැබූ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුම පිළිබඳවත්, ඒ සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳවත් ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට යුද හමුදාව තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තාවේ.

කැළණි ගඟට ඩීසල් එකතුවීම සම්බන්ධයෙන් මේවන විට කෝකාකෝලා සමාගමේ බියගම කර්මාන්ත ශාලවක කටයුතු අත්හි‍ටුවා නීතිමය පියවරයන් ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරමින් සිටීම සතුටට කරුණකි. එමෙන්ම කැළණිගඟේ ජලයට අපද්‍රව්‍ය මිශ්‍ර කරන බවට චෝදනා ලබා තිබෙන තවත් කර්මාන්ත ශාලා කිහිපයක් සම්බන්ධයෙන්ද වහා ක්‍රියාත්මක වන ලෙස ජනාධිපතිවරයා අදාල නිළධාරීන්ට උපදෙස් දී ඇති බවද වාර්තා විය.

‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවල දී ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

ld add copy

Connet With Us