ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණඩලයේද කටයුතු කළ යුධ හමුදා නිලධාරියෙකුද වන ජනාධිපතිවරයාගේ හිතවතෙක් වූ ජනප්‍රිය ගායක රවීන්ද්‍ර මීගමාරච්චිගේ පවුලේ ව්‍යාපාරයකට අයත් බොල්ගොඩ ගග ආසන්නයේ තිබූ හෝටලයක් පරිසර නීතිවලට අනුකූලව කඩ ඉවත් කිරීම ගැන ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේනවා .

රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේ දී නිසි නියාමනයක් සිදුවිය යුතු බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ක්‍රමවේදයක් ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද(23) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

"හෙළ සළු පියස" පුහුණු මධ්‍යස්ථානයක් ඊයේ (22) දින පන්නල දී බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

සිංහරාජ රක්ෂිත වනාන්තරයේ වැව් දෙකක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙන බවට ඇතැම් මාධ්‍ය වැරදි ප්‍රචාර ගෙන යන බවත් නිවැරදිව කෙරෙන්නේ කුමක්දැයි සොයා බලා වාර්තා කළ යුතුයැයි ද වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් සෑම නගරයකදීම ලබා දීමට පියවර ගන්නා බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරනවා.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය යළි ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමු ව තිබේ.

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කෙරුණු අමාත්‍ය අනු කමිටුව අද (23) සහ හෙට (24) රැස්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us