විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.අද(18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණි.

පළාත් පාලන ආයතන නියෝජිතයින් සදහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වාදීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.අද (18)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා. ඒ අද (18) දහවල් පැවති මාධ්‍ය හමුවක දීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ පරාජිත මහින්ද රාජපක්ෂ අතර සුසංයෝගයක් සිදු වන බව රාජපක්ෂට හිතවත් මාධ්‍ය ආයතන ගෙන යන ප්‍රචාරය අසත්‍ය එකක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවත් මාධ්‍ය හමුවක් අමතමිනි.

ප‍්‍රංශයේ පැරිස් සිට ශ‍්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ගුවනේදී වායු අවපාතයකට ලක්ව තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය සංවර්ධන කළමනාකරු දීපාල් වී. පෙරේරා මහතා පැවසුවේ එහිදී කාර්යමණ්ඩලයේ 4 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය පිණිස 2015.06.19 වන දා  එනම් හෙට දින මධ්‍යහන 12.00 සිට ප. ව. 2.00 දක්වා  ජාතික කලා භවනේ තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටනේ ප්‍රමුඛයන් වූ විමල් වීරවංශ උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර හා දිනේෂ් ගුණවර්ධන මේ වන විට එම සටනේ පසුපෙළට ඇද දමා ශ්‍රීලනීපයේ පිරිසක් ඉදිරියට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

මෙරට ජනතාව කිසිසේත් නැවත හොර කල්ලියකට රට භාර දීමට සූදානම් නැති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතාව මත බර පටවන ,මහජන දේපල ගසා කන,සුදුවෑන් වලින් මාධ්‍යවේදීන් පැහැරගන්නා ආණ්ඩුවකට ජනතාව යළි ජනවරමක් ලබා නොදෙන බවත් මේ වන විට ඔවුන් ප්‍රතික්ෂේපවී හමාර බවත් පැවසුවේය.

worky

worky1

ld add copy

Latest News

මම සජබයට ගියා කියන කතාව බොරුවක් -අර්ජුන කියයි

මම සජබයට ගියා කියන කතාව බොරුවක් -අර්ජුන කියයි

තමා සමගි ජන බලවේගයට එක්වූ බවට පළ වන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

Connet With Us