රාජ්‍ය සේවකයන්ට ලොකු සහනයක්...

Published in පුවත්
Monday, 13 November 2023 13:30

වැටුප් ඉහළ දැමීම හිතුමතේ කළ නොහැකි බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

 

එලෙස වැටුප් ඉහළ දැමීමට නම් රජයේ ආදායම වැඩි කරගත යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඒ අනුව වැටුප් ඉහළ දැමීමට නම් එය සිදු කළ යුත්තේ මුදල් අච්චු ගැසීමකින් හෝ බදු වැඩි කිරීමක් හරහා පමණක් බවයි. නැතහොත් අලුතින් බදු ගැසිමක් හෝ පිටරටකින් සල්ලි ණයට ගැනිමකින්  බවයි.

කෙසේ වෙතත්  රජයේ සේවකයන්ට 2015 වසරෙන් පසු වැටුප් වැඩි වීමක් ලැබී නොමැති නිසා රාජ්‍ය අයවැයෙහි සමබරතාවය නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

එමෙන්ම රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3 (1,300,000) ක් පමණ වෙන බවත් ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5 කට වැඩි බවත් සඳහන් කළ ජනාධිපතිවරයා  පවසා සිටියේ  රජයේ සේවකයන්ට දැනට හිමිවන රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාව  2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කර සිටින බවයි.

ලබන වසරේ පෙබරවාරි මාර්තු මාසය වන විට මහා භාණ්ඩාගාරයට ආදායම් ලැබීමට පටන් ගන්නා නිසා මෙම දීමනාව අප්‍රේල් සිට මාසික වැටුපට එකතු කරන බවත් ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000 ක් බවත්  ඔවුන්ට දැනට ලැබෙන්නේ රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාවක් වන නිසා  රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා රු. 2500 කින් වැඩි කරන බවත්  මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පවසයි.

RANJANA

Last modified on Monday, 13 November 2023 13:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us