වතු සේවක අවම වැටුප රුපියල් 1000 ගෙවීම අප්‍රේල් මස සිට ක්‍රියාත්මක විය යුතු බව වැවිලි අමාත්‍ය රමේෂ පතිරණ මහතා සඳහන් කර තිබේ.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල විකල්ප ක්‍රමවේද ඔස්සේ අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කෘෂිකර්මාන්තයේ වී, සහල්, බීජ, පොහොර සහ එළවළු මාෆියා පහක් ක්‍රියාත්මක වන බවත් එම මාෆියා නතර කිරීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් අරඹා තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබෙනවා.

ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක පැෂන් වගාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඊයේ දින නිරීක්ෂණය කිරීමට එක වී තිබේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කර තිබෙනවා.

ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 40, 000ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් මැද කොළඹින් ආරම්භ කෙරේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.

ld add copy

Latest News

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකු...

Connet With Us