පාර්ලිමේන්තුවේදී අගමැති කළ ඉල්ලීම

Published in පුවත්
Saturday, 18 November 2023 13:06

හැමදේම විකෘතියට, විහිළුවට ලක් කිරීමට පාර්ලිමේන්තුව වේදිකාවක් කර නොගෙන, පාර්ලිමේන්තුවේ උත්තරිතරභාවය ආරක්ෂා කරගන්නා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.

 

සුවිශේෂී ඉතිහාසයක් ඇති, අන්තර්ජාතිකවද පර්යේෂණ කරන සිංහල භාෂාවේ ගෞරවයට හානි වන සේ වෙනත් අර්ථ නිරූපන දෙමින් විහිළුවට ලක්කරමින් පාර්ලිමේන්තුවේදී කටයුතු නොකරන්නැයි ද ඉල්ලීය.

කතානායකවරයාට පමණක් නොව පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම බව, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නවලට පිළිතුරු දෙන අවස්ථාවේදීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

“ගරු කතානායකතුමනි, …. එකක් ….ගැන මම ඉතාම කණගාටු වෙනවා. සිංහල භාෂාව අපේ රටේ පමණක් නෙවේ ඉතිහාසයේ සුවිශේෂ වැදගත්කමකට අපේ රට පරිවර්තනය කරපු භාෂාවක්. ජාත්‍යන්තරවද ඒ සම්බන්ධ පර්යේෂණ කරනවා. ඒ නිසා භාෂාවට අපහාස කරනවා, හරියට උච්චාරණය නොකිරීම නෙමෙයි ප්‍රශ්නය, ඒක වෙන වෙන විදියට අර්ථ නිරූපණය කරන්න විහිළු කරන්න යාම. මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ එවැනි දේ කරන්න එපැයි කියලා මම ඉතාම ඕනෑකමින් සියලු ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා. දැන් මොහොතකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව පිළිබඳ විවාදයක් ඇතිවුණා. අපි ඇයි මෙතන මෙහෙම රැස්වෙන්නේ? සියළු දෙනා එකඟ වෙලා ස්ථාවර නියෝග අනුව කතනායකතුමාට බලය පවරලා තියෙනවා අය වැය ලේඛනය පිලිබඳ විවාද කරලා හමාර කරන්න.

දැන් අපේ කාලය සම්පූර්ණ වෙනත් දේවල්වලට යොමු වෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කරන්න. උත්තරීතර බව ඔබතුමාට තනියම ආරක්ෂා කරන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපි උත්තරීතර බව ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා හැමදේම අපි විහිළුවට බාර ගන්නවා නම් හැමදේම විකෘතියට පරිවර්තනය කරලා කතාබස් කරන්න ඉදිරිපත් වන වේදිකාවක් කරගන්නවා නම් ඉතාම කනගාටුදායක ලෙස තමයි ගමන් කරන්නේ කියන දේ මම ඉතාම ඕනෑකමින් මේ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කරන්න කැමතියි…..”

-දිනමිණ

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us