දුම්රිය පාඩු ලබන සේවාවක් බවට ඇතැම් පාර්ශ්ව හුවා දක්වන්නේ බස් ගාස්තුවට වඩා තුන් ගුණයකින් අඩු මිලකට ප්‍රවේශ පත්‍ර නිකුත් කර සේවා සැපයීමෙන් යැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවැසීය.
විදෙස් රටවල සිට ලංකාව හරහා තවත් රටකට යාමට පැමිණෙන විදේශිකයන්ට කටුනායක ගුවන් තොටුපළේ තීරු බදු රහිත වෙළෙඳසල් හා ආපන ශාලා තිබෙන කලාපයට පැමිණීමට මෙම සතියේ සිට අවසර ලබාදී ඇත.
ධාවනයෙන් ඉවත් කළ ගිලන් රථ කඩිනමින් අලුත්වැඩියා කිරීමට සැලසුම් !
දැනට දිවයින පුරා පවතින කොවිඞ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප‍්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති නිසා විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථ කඩිනමින් අලූත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස් කොට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත.
කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන්ට විශේෂ අවධානයක් දෙන්න - අගමැති
වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ (06) දින උපදෙස් දී ඇත.
අවුරුදු 20 - 30 අයට ෆයිසර් ලබා දීම ඉතා අවිධිමත් තීරණයක් ! වෛද්‍ය සංගමයෙන් චෝදනා !
හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20 ත් 30ත් අතර තරුණ තරුණියන් සඳහා ලබාදෙන්නේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවය.
රු. 2000 දීමනාව අවසන් ! නොලැබුණ අයෙක් සිටි නම් අභියාචනයක් ලබා දෙන්නැයි ඉල්ලයි!
ආදායම් අහිමිවූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම සම්පූර්ණයෙන් ම අවසන් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය පවසා සිටියි.
ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ.
අඛණ්ඩ වර්ජනය නිසා ස්ටාලින්ලා රු.5000 ත් අහෝසි කර ගනී !
ගුරු-විදුහල්පතිවරුන් සඳහා රජය විසින් රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට තීරණය කළද එය ලබාදීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ‘දිවයින’ පුවත්පතට ඊයේ (5 දා) පවසා ඇත.