සාකච්ඡා අසාර්ථකයි .අදත් අපි වර්ජනයේ -රවී කුමුදේශ්

Published in පුවත්
Wednesday, 14 February 2024 08:56

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.


වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ඊයේ (13) පෙරවරු 6.30ට ආරම්භ කර ඇත.

සෞඛය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ, තම ඉල්ලීම්වලට අදාළව මුදල් අමාත්‍යාංශයේදී පසුගිය දා පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි.

වැඩ වර්ජනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර ශිල්පීන්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තිය සමිති 72ක සාමාජිකයින් ඇතුළත් වේ.

ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ මාතෘ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සදහන් කළේ වර්ජනය හමුවේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා යුධ හමුදාව හා නාවිකා හමුදාව අනියුක්ත කර ඇති බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us