ශ්‍රී ලංකා රේගුව රු. 2024 වසරේ ට්‍රිලියන 1.515ක වාර්තාගත ආදායමක් ඉපැයූ බව එහි මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ADG) සීවලී අරුක්ගොඩ මහතා නිවේදනය කරයි.

2024 වසරේ මුල් මාස 11 තුළ ශ්‍රී ලාංකිකයන් විදේශ සංචාර සඳහා ඩොලර් මිලියන 670 කට අධික මුදලක් වැය කර ඇති අතර එය 2023 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා 378% ක වැඩිවීමක් වන අතර සේවා අංශය ශුද්ධ ගලා ඒම වාර්තා කරමින් පවතින බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

පාසැල් අදින් ඇරඹේ

Published in පුවත්
Thursday, 02 January 2025 09:05

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ.

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරා ගත්‌ භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන්‌ තොරව අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ගැසට්‌ නිවේදනයක්‌ පෙරේදා (31) නිකුත්‌ කළ බව මුදල්‌, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පැවසීය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

අද කොහොමද

Published in පුවත්
Wednesday, 01 January 2025 08:25

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නව වසරේ රාජකාරී ආරම්භ කරන අද (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

ld add copy

Connet With Us