පිටකොටුව බැස්ටියන් මාවතේ පවත්වාගෙන යන පොදු වැසිකිලිය පාවිච්චි කරන්නෙකු සදහා අය කරන ගාස්තුව රුපියල් පණහක් දක්වා ඉහල දමා ඇතැයි මගීහු පවසති

අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්  පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් අතර හමුවක් ඊයේ (14) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අනවසරයෙන් පදිංචි වී සිටින පවුල් සඳහා නීත්‍යානුකූලව ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළෙහි තවත් අදියරක් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී සිදුකර බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

ඉදිරි වසර හතර තුළ චීන සංචාරකයින් මිලියනයක් පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සිය අවධානය යොමු කරයි.

පාසල් ළමුන්ගේ ප්‍රවාහන සේවා නියාමනය කිරීම සඳහා ඉතා ඉක්මනින් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත (NTC) සංශෝධනය කිරීමට නියමිත අතර නව පනත් කෙටුම්පත එහි අවසන් අදියරේ පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පැවසීය.

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ වේ.

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග පවසන්නීය.

ld add copy

Latest News

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා 2023 වසරේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලද ලක්ෂ 34 අතරින් මිලියනයක ප...

Connet With Us