වැස්ස අදත්

Published in පුවත්
Sunday, 16 June 2024 09:09

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය, තලවකැළේ සහ වටගොඩ අතරදී ඊයේ (15) රාත්‍රියේ පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබේ.

රටේ විදේශ සංචිත ප්‍රමාණය තවමත් ඉහළ ගොස් නොමැති බැවින් මේ වසරේදීත් (2024) වාහන ආනයනය සඳහා අවසර ලබා නොදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

එළවළු මිල තීරණය කිරිමේ මාෆියාව අතරමැදියා විසින් පවත්වාගෙන යන බව ජාතික ගොවිජන එකමුතුව විසින් පවසා සිටියි.

දින හතළිස් හයක කාලයක් තිස්සේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

අද මාළු මිල මෙන්න

Published in පුවත්
Saturday, 15 June 2024 12:19

අද ත්‍රිකුණාමලය මාලු තොග මිල kg1ක්

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ld add copy

Connet With Us