ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී තිබෙනවා.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව වාර්තා වේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේ මොහොතේ කිසිදු සහයක් ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන්නේ එය කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වමිනි.

වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ඇරයුමකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද(19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ වත්කම් 2023 දී රුපියල් ට්‍රිලියන 20.4 දක්වා වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මුදල් ප්‍රතිපත්ති වාර්තාවට අනුව, 2023 දෙසැම්බර් මස අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ බැංකු අංශය අභියෝගාත්මක පරිසරයක ක්‍රියාත්මක වුවද, මුළු වත්කම් වසරින් වසර වර්ධනය වී ඇති අතර පසුගිය වසරේදී 5.1% කින් වර්ධනය විය.

මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් පිහිටි රිකාටන් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ld add copy

Latest News

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා 2023 වසරේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලද ලක්ෂ 34 අතරින් මිලියනයක ප...

Connet With Us