බොරතෙල් මිල පහළට

Published in පුවත්
Monday, 24 June 2024 12:13

 ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය.

ඉදිරි කන්නයේ සිට කන්න 2ක් සඳහා ගොවීන්ට බණ්ඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

රටවල් රැසක කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් සත්ව නිෂ්පාදන ආනයනය සීමා කර තිබේ.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙන බව වාර්තාවේ.

ld add copy

Connet With Us