2024 ජනවාරි මාසය තුළ දී උද්ධමනය 7% ක මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් හෙට උදෑසන සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසයි.

2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසල පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය විමසා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු උසස් නිළධාරීන් පිරිසකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ සාකච්ඡාවක් 2024.01.23 වන අද දින උදෑසන මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පවත්වා ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට සංකේතාත්මක වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (23) දිනයේ පැවැත්වීමට බහුතර මන්ත්‍රීවරුන් එකඟතාව පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හිටපු ජනපති නිල නිවසේදී මෛත්‍රීපාල සිරිසේන හමු වී තිබේ.

ඇඟලුම් කර්මාන්තය 2023 සෘණාත්මක වර්ධනයක් සහිත වුවද වසරක් තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම කාර්ය සාධනය සනිටුහන් කරමින් දෙසැම්බර් මාසයේ දී ඇඟලුම් අපනයනය යළි පිබිදීමේ ලකුණු පෙන්නුම් කර ඇත.

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කර තිබේ.

ld add copy

Latest News

අද වැසි වාර කිහිපයක්

අද වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති...

Connet With Us