සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් පවුල් 192ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (22) මඩකලපුව, තිරයිමඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

EPF ඩිජිටල්කරණයට

Published in පුවත්
Saturday, 22 June 2024 11:09

මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පවසයි. මෙම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1000 ක් (රුපියල් ට්‍රිලියනයක්) පමණ වන අතර ඒ අනුව විශාලම බදු පැහැර හැරීම සිදු කර ඇත්තේ රාජ්‍ය ආයතන විසින්ය.

ශ්‍රී ලංකා රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර යටතේ ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා, රටේ ඛනිජ තෙල් සිල්ලර අංශයේ කොටසක් පෞද්ගලීකරණය කිරීමේ උනන්දුව ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලියක් පසුගියදා අවසන් කරනු ලැබීය.

අපොස උසස් පෙළ විභාගය 2024 සඳහා ඉල්ලුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන මස 10 වැනිදා බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර  පැවසීය.

ld add copy

Connet With Us