භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත බාරදෙනු ලැබිණි .
ගාල්ල කරාපිටිය රෝහලේ ඇති වූ ගැටුමකින් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට
කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
‘හෙපටයිටිස් බී’ පාලනය කළ රටවල් 2ක අතරට ලංකාවත් - WHO වෙතින් ප්‍රශංසාවත් හිමිවේ
මාලදිවයින සහ ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කරයි.
ගාස්තු නොගෙවීමෙන් 80,970ක් පාරිභෝගිකයින්ගේ ජල සැපයුම විසන්ධි කරයි
ගාස්තු නොගෙවීම් හේතුවෙන් ජල පාරිභෝගිකයින් 80,970 දෙනෙකුගේ පසුගිය වසර තුළ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
පසුගිය වසරේ දී මෙරටින් ලාදුරු රෝගීන් 1,550 දෙනෙකු හඳුනාගෙන තිබේන අතර ඉන් 173 දෙනෙකු දරුවන් වන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේය.
හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
වෛද්‍ය වෘත්තීයට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනය අද (18) උදෑසන 7.00 න් අවසන් විය.
ගෝලීය ශුන්‍ය කාබන් ඉලක්කය සපුරා, දේශගුණික සැලසුම් සාර්ථක කර ගැනීමට සහාය වන ලෙස ජනපති ගෝලීය බලවතුන්ගෙන් ඉල්ලයි
දේශගුණික සෞභාග්‍ය සැලසුම් දේශගුණික අනාරක්ෂිත ලෝකයක සමෘද්ධිමත් වීමේ උපාය මාර්ගයක් පමණක් නොව ශුන්‍ය කාබන් ලෝකයක ජයග්‍රාහකයින් වීමේ න්‍යාය පත්‍රය බවට ද පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.