පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් දහඅටදහස් දෙසියහතක්

Published in පුවත්
Friday, 21 June 2024 11:41

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් දහඅටදහස් දෙසියහතක් (18207) ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ලියාපදිංචි කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම දන්සල් පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

බීම වර්ග සහ අයිස්ක්‍රීම් දන්සල් නවදහස් හාරසිය විසිපහක් (9425) සහ බත් දන්සල් ඇතුළු වෙනත් ආහාර දන්සල් අටදහස් හත්සිය අසූ දෙකක් (8782) ක් මෙම දන්සල් අතර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති. නිසි ලෙස ආහාර ගබඩා කර නොතිබීම, සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පිළියෙළ කිරිම සහ පිළිගැන්වීම නොකිරීම වැනි කරුණු සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් පසුවන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

දන්සල් ලබාදීමෙන් පසුව එම ස්ථානවලින් කුණු කසළ නිසි ලෙස බැහැර නොකළහොත් නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. එසේම දන්සල්වලින් එකතුවන කසළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට ලබාදීම සිදු කිරීමට කටයුතු කළ යුතුයි.

එහිදී දිරන නොදිරන ලෙස කසළ වෙන් කර එම ආයතනයට ලබාදීමක් සිදුකිරීමට වගබලා ගතයුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේය.

- අරුණ 

Last modified on Friday, 21 June 2024 11:43

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us