අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්  

Published in පුවත්
Friday, 21 June 2024 12:32

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා ද සිදුවී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම සම්බන්ධයෙන් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ තද සුළං, ගංවතුර හා පස්කඳු කඩාවැටීම් වැනි ස්වභාවික ආපදාවන් නිසා හානි වූ නිවාස නැවත ඉදිකර දීම හෝ උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් ලබා දීම සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

පූර්ණ වශයෙන් හානි වූ නිවාස සඳහා ප්‍රතිලාභීන්ගේ එකඟතාවය මත යම් උපරිම සීමාවකට යටත්ව සුදුසු වන්දි මුදලක් ලබා දීමට හෝ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නිවාස කඩිනමින් ඉදිකර දීමටත්, අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා සිදුවී ඇති හානිය තක්සේරු කර යම් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබා දීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ස්වභාවික ආපදා හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ලබා දෙන ලෙසට මෙහිදී සාගල රත්නායක මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

WhatsApp Image 2024 06 21 at 17.35.59 2b207094

WhatsApp Image 2024 06 21 at 17.35.57 7f855685

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us