රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනු ලබයි. 

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට දෛනිකව හරක් මස් කිලෝග්‍රෑම් දසදහසක්අවශ්‍ය වුවත් මේ දිනවලදී එය කිලෝග්‍රෑම් පන්දහස දක්වා අඩු වීම හරහා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවකට පත්ව ඇත.

මෙවර මහ කන්නයේදී වී කිලෝ ග්‍රෑමයක ගැනුම් මිල රුපියල් 140 - 170ත් දක්වා ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 300 ඉක්මවා යා හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ පැවැසූහ.

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වාහන ආනයනයේදී තීරුබදු රහිත බලපත්‍ර අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

විෂය නිර්දේශය සහ විභාග ක්‍රමය ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

මීට පෙර රුපියල් 76,000 කට අලෙවි වූ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීම සඳහා නිර්දේශ කර ඇති බවට පළවන වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුරු කර තිබෙනවා.

ld add copy

Connet With Us