වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පරිභෝජනයට නුසුදුසු සීනි තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එහිදී රුපියල් මිලියන 850ක පමණ වටිනාකමකින් යුත් සීනි මිටි 85,000ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල, අංගොඩ, පිළියන්දල සහ හැටන් යන ප්‍රදේශල පදිංචිකරුවන් බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

