ඩෙංගු මඩින්න Q DENGA එන්නත මෙරටට ගෙන්වීමට රජය සැරසේ

Published in පුවත්
Tuesday, 07 July 2026 09:36

ඩෙංගු වයිරස් කාණ්ඩ හතරට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරවන ජර්මනියේ නිෂ්පාදනය කරන කිව් ඩෙංගා (Q DENGA) එන්නත මිල දී ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුව මේ සඳහා අනුමැතිය ලබා දී තිබෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරු පැවසූහ.

මෙම එන්නත් මාත්‍රාවක මිල ඇමරිකානු ඩොලර් 40ත් 85ත් අතර පරාසයක වේ. සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමට නම් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

ඩෙංගු වයිරසයට එරෙහි මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන මෙම එන්නත මිලෙන් අධික නිසා පෞද්ගලික අංශය මගින් මෙම එන්නත්කරණය ආරම්භ කිරීම යෝග්‍ය බවට වෛද්‍යවරු යෝජනා කර තිබේ.

ලෝකයේ රටවල් 41ක පමණ භාවිත කරන මෙම එන්නත ගෙන ඒමට සාකච්ඡා සිදු කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඊයේ (06 වැනිදා) පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us