අන්තර්ජාලය ඔස්සේ ගොඩනගා ගන්නා විශ්වාසය මත විවාහ කර ගන්නා බවට පොරොන්දු දී මෙරට තරුණියන්ගෙන් මුදල් වංචා කිරීමේ නියුතු සංවිධානාත්මක කණ්ඩායමක ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්‍ෂා කරයි.

බෝට්ටු මගින් ළඟා වී සිටින ශ්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් එකසිය පනස් තුන් දෙනෙක් ආපසු හරවා යවනු ලැබීම වළක්වමින් ඕස්ට්‍රේලියානු මහාධිකරණය තාවකාලික තහනම් ආඥාවක් නිකුත් කර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී සුමින්ද සමන් හිටපු පොලිස් කොස්තාපල් දඩ කොළයක් දුන් නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ වාහනයේ තිබුණේ ව්‍යාජ අංක තහඩුවක් බව හෙළි වීම නිසා ඊට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.

භූමිතෙල් බෙදාහැරීම සීමා කරන්නැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් බෙදුම්කරුවන්ට දැනුම්දී ඇත. තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා කියා සිටියේ මේ නිසා භූමිතෙල් භාවිතයට ගන්නා අඩු ආදායම්ලාභී ජනතාවට ඉදිරියේදී ගැටලූ මතුවිය හැකි බවයි.

හෙන්ලි ඇන්ඩ් පාර්ට්නර්ස් නමැති ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක වාර්තාවකට අනුව ලංකාවද ඇතුළු රටවල් 20ක් වීසා බලපත් නොමැතිව ගමන් කළ හැකි ලෝකයේ නරකම රටවල් ලැයිස්තුවට ඇතුළත් වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’පුවත්පත වාර්තා කරයි.

රාජ්‍ය නොවන සංවිධානවලට මාධ්‍ය හමු, වැඩමුළු, ජනමාධ්‍ය පුහුණු වැඩසටහන් සංවිධාන කිරීම සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයට ලක් කිරීමෙන් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධා සිදුවන බව ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය පවසයි.

SanathMalakaඅමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තමාට අභියෝගයක් නොවන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කියා සිටී.

PalithaThewarapperumaඑක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට දිනයේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව පවසයි.

ld add copy

Connet With Us