ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

දැනට පව­තින මාන­සික සෞඛ්‍ය ආඥා පනත වසර 150ක් පැරැණි බැවින් රෝගීන්ට මාන­සික ප්‍රති­කාර කිරී­මේදී එය දැඩි බල­පෑ­මක් ඇති කරන බව ජාතික මාන­සික සෞඛ්‍ය විද්‍යා­ය­ත­නයේ ජ්‍යෙෂ්ඨ විශේ­ෂඥ මනෝ වෛද්‍ය කපිල රණ­සිංහ මහතා පැවැ­සීය.

 නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් ජල බෝතල්, ළදරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් ආහාර ඇසු­රුම් සඳහා එස්. එල්.එස්. ප්‍රමිති සහ­ති­කය අනි­වා­ර්යය කිරී­ම­ටත්, සිලි බෑග් (පොලි­තින් බෑග්) නොමිලේ පාරි­භෝ­ගි­ක­යන්ට නිකුත් කිරීම නොවැම්බර් 01දා සිට තහ­නම් කිරී­ම­ටත් රජය තීර­ණය කර ඇත.

හෙට (03) දින සිට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.

ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අද කාලගුණය

Published in පුවත්
Wednesday, 01 October 2025 07:06

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us