ළමා දිනය වෙනුවෙන් ජනපතිගෙන් සුබ පැතුම් පණිවුඩයක් Featured

Published in පුවත්
Wednesday, 01 October 2025 07:18

ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එම නිවේදනය පහතින්.

සුබපැතුම් පණිවිඩය

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.

රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි.

මෙම පරම්පරා දෙකෙහිම අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් අප රජය කැප වී සිටින අතර, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින්නෙමු.

රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින්නේ ළමා පරපුරය.

ඔවුන්ගේ ලෝකය අව්‍යාජ සහ නොකිළිටි ලොවක් වන හෙයින් අතිශය සුන්දරය. ඒ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමි කර දීම ප්‍රජාවක් සතු වගකීමකි.

අයිතීන් සමඟ යුතුකම් සහ වගකීම්ද නිර්මාණය වන බව අවබෝධ කර ගත් රජයක් ලෙස අපි සෑමවිටම ළමා අයිතිවාසිකම් සුර‍ක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැප වී සිටිමු.

එසේම, ළමයා යනු කවුරුන්ද යන්න වඩා ප්‍රායෝගික සහ පරිපූර්ණ ලෙස නිර්වචනය කරමින් ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනයට අවශ්‍ය මැදිහත් වීම අපි ඉටු කරමින් සිටිමු.

එහිදී සියලුම ළමුන්ගේ කායික-මානසික යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජමය සුරක්ෂාව, දරුවන්ට එරෙහි අපයෝජන, වෙනස් කර සැලකීම් සහ සියලුම ආකාරයේ හිංසනවලින් ආරක්ෂා කිරීම මෙන්ම, නිසි පෝෂණය සැපයීම සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට අප රජය බැඳී සිටියි.

පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ කිසිදු දරුවෙකුට ජාතිය, ආර්ථික තත්ත්වය හෝ වෙනත් ඕනෑම සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

එහෙයින් මෙවර අයවැයෙන් ඔටිසම් ඇතුළු වර්ධන අක්‍රමිකතා සහිත දරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව අපගේ අවධානය යොමු කළෙමු.

එවන් මොහොතක, “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” තේමාව යටතේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මෙවර ලෝක ළමා දින සැමරුම පැවැත්වීමෙන් එම අරමුණු කරා යන මාවත වඩා එළිපෙහෙළි කරන බව අපි විශ්වාස කරන්නෙමු.

මෙම විශේෂ දිනයේදී, අපගේ දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට අපි නැවත ප්‍රතිඥා දෙමු.

ඔවුන්ගේ ප්‍රීතිමත් සිනහව අපගේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තියයි. එසේම, අපගේ වැඩිහිටියන්ට මෙරට ප්‍රගමණයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමමු.

ළමුන්ට සහ වැඩිහිටියන්ට සුරක්ෂාව සහ ගෞරවය පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි සියලුදෙනා එක් වෙමු !

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 ඔක්තෝම්බර් 01 දින

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us