ලෝක ළමා දිනයේදී දරුවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් මෙම අර්ථවත් තීන්දුව ගනු ලැබූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ එම අමාත්‍යංශයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි බිස්පෙනෝල් A (BPA) සහ තැලේට් (Phthalates) වැනි ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වෙෙළඳපොළට ඇතුළු වීම පාලනය කරමින්, සමස්ත පාරිභෝගික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි අරමුණයි.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12 (1) වගන්තිය යටතේ, දියරමය පාන රැගෙන යෑමට එක් වරකට වඩා භාවිත කිරීමට සුදුසු ප්ලාස්ටික් බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය 888 – SLS 1616 හා ළදරුවන්ට ආහාරපාන ලබාදීම සඳහා ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් සාදන ලද බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය SLS 1306 අනිවාර්යය කරමින් විධාන නිකුත් කර තිබේ.
එම විධානයට අනුව, දේශීයව නිෂ්පාදනය කරන ලද ඉහත සඳහන් භාණ්ඩ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් නිකුත් කරන ලද SLS ලාංඡනය දැරිය යුතුය. එසේම ඉහත සඳහන් භාණ්ඩ ආනයනය කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් පරීක්ෂා කර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල බව සහතික කරගත යුතු බව ද ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මෙම විධානය 2026 අප්‍රේල් 01 වැනි දින සිට බලාත්මක වේ. සියලුම නිෂ්පාදකයන්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙඳුන් මෙම විධානයට අනුකූල විය යුතු ය. මෙම බලාත්මක කිරීමේ දිනයෙන් පසුව මෙම විධානය උල්ලංඝනය කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
මෙම ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික්වල අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය දරුවන්ගේ ආහාරපාන සමඟ එකතුවී ශරීරගත වීම හේතුවෙන්, දරුවන්ට හෝමෝන ගැටලු, පිළිකා, ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ ගැටලු, මොළය හා වර්ධනය හා සම්බන්ධ ගැටලු සහ තවත් බෝ නොවන රෝග විශාල ප්‍රමාණයක් ඇති වීමට හේතු වන බව අනාවරණය වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
කුඩා දරුවන් සහ පාසල් ළමයින් බහුලව භාවිත කරන ප්ලාස්ටික් වතුර බෝතල් සහ ළදරුවන්ට ආහාර ලබාදෙන බෝතල් ඇතුළු ඇසුරුම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කරන ලද අධ්‍යයනවලින් හා රසායනාගාර පරීක්ෂණවලට අනුව ඒවායේ බිස්පෙනෝල් ඒ (BPA) හා තැලේට් (Phthalates) වැනි ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අනාරක්ෂිත මට්ටම්වලින් පවතින බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය, කැලණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, බියුරෝ වෙරිටාස් ආයතනය පර්යේෂණ දත්ත ලබාදී ඇත. එසේම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර සංවිධාන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු නියාමන ආයතන හා විද්වත් පාර්ශ්ව සමඟ සිදු කළ සාකච්ජාවලදී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ දත්ත මඟින් මෙම තොරතුරු තහවුරු වී ඇත.
සිලි බෑග් නොමිලේ නිකුත් නොකළ යුතු බවට වූ විධානය සිලි බෑග් භාවිතයෙන් පරිසරයට, පාරිභෝගිකයන්ගේ ජීවිත හා දේපළවලට සිදු වන හානිය අවම කිරීමේ අරමුණින් නිකුත් කරන බව ද ඇමැතිවරයා පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත්තා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර නීතිපතිවරයාගේ ද උපදෙස් ඇතිව සිලි බෑග් සම්බන්ධයෙන් වූ විධානය ලබන නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු ඇත.