තාක්ෂ­ණ­යෙන් දියුණු ප්‍රතිකාර කිරී­මට අවු­රුදු 150ක් පැරණි ආඥා පනත බාධා­වක්

Published in පුවත්
Thursday, 02 October 2025 12:38

දැනට පව­තින මාන­සික සෞඛ්‍ය ආඥා පනත වසර 150ක් පැරැණි බැවින් රෝගීන්ට මාන­සික ප්‍රති­කාර කිරී­මේදී එය දැඩි බල­පෑ­මක් ඇති කරන බව ජාතික මාන­සික සෞඛ්‍ය විද්‍යා­ය­ත­නයේ ජ්‍යෙෂ්ඨ විශේ­ෂඥ මනෝ වෛද්‍ය කපිල රණ­සිංහ මහතා පැවැ­සීය.

සාමාන්‍ය මාන­සික රෝගීන්ට මෙන්ම උග්‍ර මාන­සික රෝගීන්ට නව ප්‍රති­කාර ක්‍රම සහ තාක්ෂ­ණ­යෙන් දියුණු ප්‍රති­කාර භාවිත කිරී­මට දැනට පව­තින වසර 150ක් පැරැණි ආඥා පනත බාධා­වක් බැවින් නව පන­තක් පිළි­බඳ සෞඛ්‍ය අමා­ත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජය­සිංහ මහතා සමඟ සාකච්ඡා කළ බව ද කපිල රණ­සිංහ මහතා පැවැ­සීය.

ලෝක මාන­සික දිනය නිමිති කර­ගෙන මාන­සික සුවය සඳහා ජන­මාධ්‍ය දාය­ක­ත්වය පිළි­බඳ පසු­ගි­යදා ජාතික මාන­සික සෞඛ්‍ය විද්‍යා­ය­ත­න­යේදී පැවැති වැඩ­මු­ළු­වේදී මනෝ වෛද්‍ය කපිල රණ­සිංහ මහතා මේ බව පැවැ­සීය.

වසර 15ක පමණ කාල­යක සිට මාන­සික සෞඛ්‍ය සඳහා වන නව පනත පිළි­බ­ඳව කති­කා­වක් තිබෙන බවත් මනෝ වෛද්‍ය­ව­රුන් විසින් ඒ සම්බ­න්ධ­යෙන් පසු­ගි­යදා තමන් සමඟ සාකච්ඡා කළ බවත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දින­මිණ කළ විම­සු­ම­කදී සඳ­හන් කළේය.

මාන­සික සෞඛ්‍ය සම්බ­න්ධ­යෙන් වූ නව පනත කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරීම සඳහා වන ක්‍රියා­ව­ලියේ පව­තින බව ද කී ලේක­ම්ව­රයා ඒ සඳහා සැල­කිය යුතු කාල­යක් ගත වනු ඇතැ­යිද පැව­සීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us