රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට 2025 ජනවාරි 08 වන දිනට වසර 106ක් සම්පූර්ණ වේ.

මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ අවසාන වාර විභාගයේ සියලුම විෂයයන් ජනවාරි 27 වැනිදා සිට නැවත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් දැනුම්දී තිබෙනවා.

චීනයෙන් ආනයනය කර නිදහස් කර නොගත් කන්ටේනර් හතරක ගබඩා කර තිබූ අල (අර්තාපල්) කිලෝ ලක්ෂයක (මෙට්‍රාක්ටොන් 100 ක්) පමණ තොගයක් අඩු ලංසුවකට අළෙවි කර රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් කර ඇති බව වරාය අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරයි.

සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය.

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව ඉන්දීය ධීවරයන් මෙරට උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව යාපනය ධීවර සංගම් චෝදනා කරයි.

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබේ.

ld add copy

Connet With Us