බස් ටිකට් නොදෙන බස්නාහිර පළාතේ කොන්දොස්තරවරුන්ගේ සේවය අත්හිටුවීමට පියවර

Published in පුවත්
Saturday, 04 October 2025 07:50

මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස්නාහිර පළාතේ බස් කොන්දොස්තරවරුන්ගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

ඉකුත් 03 වැනිදා සිට මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවත් ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබා නොදීමේ වරදට හසුවන ​ෙපෟද්ගලික බස් කොන්දොස්තරවරුන්ට පළමු අදියර යටතේ දින තුනක සේවය අත්හිටුවීමක් සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පැවසීය.

මීට අමතරව එම කොන්දොස්තරවරුන්ගෙන් රුපියල් හත්සිය පනහක (750) ගාස්තුවක් අයකරගෙන විශේෂිත පාඨමාලාවකට යොමුකරන බවද සභාපතිවරයා කීවේය.

මේ අතර ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස් රථ වැටලීම් ආරම්භ කළ අතර පළමු දිනයේදී ප්‍රවේශපත්‍ර නොදුන් බස් 22කට එරෙහිව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවරගෙන තිබේ.

වැටලීමේ දෙවැනි දිනයේදී එවැනි බස් රථ 11කට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඇත.

තවද බස්නාහිර පළාතේ මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන බවද සභාපතිවරයා කීවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us