ආණ්ඩුව ගත් තීරණය නිසා දේශීය කුළුබඩු වෙළෙඳපොළ බිඳ වැටීමේ අවදානමක්

Published in පුවත්
Saturday, 04 October 2025 07:21

නව නියාමන ක්‍රමවේදයක් යටතේ සමාගම් කිහිපයකට පමණක් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය සඳහා අවස්ථාව ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය හේතුවෙන් දේශීය කුළුබඩු වෙළෙඳපොළ බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් තත්ත්වයෙන් බාල නිෂ්පාදන මෙරට කුළුබඩු සමග මිශ්‍රකර අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වීමේ ඉඩකඩ වැඩි බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මෙලෙස ආනයනය කරන කුළුබඩුවලට අගය එකතු කර ප්‍රතිඅපනයනය කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බව රජය පැවසුවද මෙම තීරණය හේතුවෙන් මෙරට කුළුබඩු සඳහා ගෝලීයව පවතින කීර්තිනාමයට හානි විය හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.

‘‘රජය විසින් මෑතකදී ලබාදුන් මෙම ආනයන බලපත්‍ර සම්බන්ධව ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසු වෙනවා. මෙම තීරණය නිසා මෙරටින් ඉන්දියාවට යවන කුළුබඩු බහාලුම් දැඩි ප්‍රමාදයකට ලක්වීමේ අවදානමක් පවතිනවා.

ප්‍රතිපත්ති සම්පාදකයන් මේ පිළිබඳව වහා තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් දේශීය කුළුබඩු වගාකරුවන්ට සහ අපනයනකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතිනවා.

ප්‍රතිඅපනයන කොන්දේසිය යටතේ කුළුබඩු ආනයනය කිරීමට රජය විසින් සමාගම් කිහිපයකට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙරට කුළුබඩු දේශීය වෙළෙඳපොළෙන් ඉවත්වීමේ අවදානමක් පවතිනවා. අඩු මිලකට ආනයනික කුළුබඩු වෙළෙඳපොළ ආක්‍රමණය කළහොත් දේශීය උසස් තත්ත්වයේ කුළුබඩු සඳහා තිබෙන ඉල්ලුම අඩු වෙනවා.

ආනයනික ගම්මිරිස් මෙරට නිෂ්පාදිත ගම්මිරිස් ලෙස අපනයනය කිරීම නිසා ඉකුත් 2016 වසරේදී දැවැන්ත වංචාවක් සිදුවුණා. එමගින් දේශීය ගම්මිරිස් නිෂ්පාදකයන්ට දැවැන්ත පහරක් එල්ල වුණා.

තවද මෙලෙස ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු ආනයනය කිරීම හේතුවෙන් දේශීය ශාකවලට විවිධ පළිබෝධකයන් සහ රෝගකාරක ඇතුළුවීමේ අවදානමක්ද පවතිනවා’’ යැයි එම සංගමය තවදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us