පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහ බැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රි වීදී සංචාරය කෙරුණි.

එළැඹෙන ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුට ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් එකසිය අසූ හය කෝටි දෙලක්ෂ අනූ අට දහස් පන්සිය අසූ හයක මුදලක් වියදම් කළ හැකි බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයෙන් පවුල් 778 කට අයත් පුද්ගලයින් 2872 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

රාජ්‍ය සේවකයන්ට 2025 සිට වැටුප් වැඩි වෙන්නෙ IMF ගිවිසුම අනුව බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන මත වසර තුනක් පුරා ක්‍රියාත්මක වන පරිදි, සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් වසර තුනක් පුරා නොකඩවා ලබා දෙන බවත්, පහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවකයකුට අවම වැටුපක් ලෙස රුපියල් 55,000ක් හෝ ඊට වැඩි මුදලක් ලබා දෙන බවත්, මූලික වැටුප 24%-35% අතර ප්‍රමාණයකින් වැඩි කරන බවත්, 2025, 2026, 2027 වර්ෂ සඳහා මුදල් ප්‍රතිපාදන (IMF) මගින් සපයන බවත් බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ld add copy

Latest News

රනිල්ට ඇප !

රනිල්ට ඇප !

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දින ඇප ලබා දීමට කොටුව මහෙස්ත...

Connet With Us