මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එම පවුලේ අඹුදරුවන් ඇතුළු සාමාජිකයන් ගනනාවක් විදේශ ගතව ඇත. මේ අනුව මෙරට තුළ තවමත් රැදී සිටින්නේ මහින්ද සහ නාමල් පමණක් බව දැනගැනීමට ඇත.

පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා ව‌ේ

අද (20) දිනයේ සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා උපක්‍රමශීලීව සමාජ මාධ්‍යය යොදා ගනිමින් සිදු කරමින් සිටී.

ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාවකට එළඹව තිබෙනවා. 

ජනාධිපතිවරණයට දින නියම කළ දිනයේ සිට මේ දක්වා විවිධ සමීක්ෂණ ආයතන මගින් විවිධාකාර වූ සමීක්ෂණ සහ මත විමසුම් නිකුත් කළ අතර ඒවායේ විවිධාකාර ප්‍රතිඵල දැකිය හැකි විය. කෙසේ වෙතත් වෙනත් කිසිදු ජනාධිපතිවරණය නොතිබූ තුන්කොන් සටනක් මෙවර ජනාධිපතිවරණයේදී ඇතිවී තිබීම හේතුකොට ගෙන මේ විවිධාකාර සමීක්ෂණ වාර්තා සිදුකරන ආයතන වලටද නිශ්චිත නිගමනවලට එළැඹීම අසීරු විය.

ld add copy

Connet With Us