මලෛ­ය­ගම් ජන­තා­වට නිවාස හිමි­ක­ම්පත් 2000ක්

Published in පුවත්
Wednesday, 08 October 2025 07:57

කඳු­කර මලෛ­ය­ගම් ජන­තා­වට නිවාස හිමි­ක­ම්පත් 2000ක් ලබා­දීම ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මේ මස 12 වැනිදා බණ්ඩා­ර­වෙ­ලදී සිදු කෙරේ.

“පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක්” ප්‍රති­පත්ති ප්‍රකා­ශය යථා­ර්ථ­යක් කිරීම උදෙසා හැටන් ප්‍රකා­ශ­න­යට අනුව යමින් මලෛ­ය­ගම් ප්‍රජාව මෙර­ටට පැමිණ වසර 200ක් සපි­රුණු මොහොතේ නිවාස ප්‍රති­ලා­භය තහ­වුරු කිරීමේ අර­මු­ණින් ඉන්දු ලංකා හත­ර­වැනි අදි­යරේ නිවාස 10,000 වැඩ සට­හනේ ප්‍රති­ලා­භීන් 2,000ක් සඳහා මෙම නිවාස හිමි­ක­ම්පත් ලබා දීම සිදු කෙරේ.

කඳු­කර වතු ප්‍රදේ­ශ­වල පදිං­චිව සිටින මලෛ­ය­ගම් ප්‍රජා­වගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙන්ම ආර­ක්ෂිත පරි­සර හිත­කාමී මූලික පහ­සු­කම් සහිත නිවෙස් ලබා දීම, මෙම ව්‍යාපෘ­තියේ මූලික අර­මු­ණවේ.

වතු සේව­ක­යකු වීම (ලියා­ප­දිංචි/විශ්‍රා­මික/අනි­යම් කම්කරු), වසර 05ක නිවැ­රැදි වතු පදිං­චිය, වතු සේවක සමු­ප­කාර නිවාස සමි­තියේ සාමා­ජි­ක­ත්වය, කලින් නිවාස අාධාර ලබා නොමැ­ති­වීම, මේ වන­විට පදිං­චිව සිටින්නේ ලයින් කාම­ර­යක හෝ තාව­කා­ලික නි‌ෙව­සක වීම සහ එමෙන්ම දැනට පදිංචි ස්ථානයේ ආපදා බල­පෑම් පව­තින බවට ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නයේ (NBRO) වාර්තාව සැල­කි­ල්ලට ගනි­මින් මෙම නිවාස ලබා­දීම සිදු කෙර්.

මෙම නිවාස ලබා­දී­මේදී පවුලේ ළම­යින් ගණන, ආබා­ධි­ත­යන්, වය­ස්ගත පදිං­චි­ක­රු­වන්, බහු පවුල් ජීව­ත්වීම ආදි­යට ද අම­තර ලකුණු ලබා දීම සිදු කෙරේ.

ඉන්දීය රජය මගින් මෙම එක් නිව­සක් සඳහා රුපි­යල් ලක්ෂ 28ක මුද­ලක් වැය කරන අතර ශ්‍රී ලංකා රජය මගින් නි‌ෙවසේ යටි­තල පහ­සු­කම් සඳහා රුපි­යල් ලක්ෂ 04ක මුද­ලක් වැය කර ඇත‍.

මෙම නිවාස වැඩ­ස­ට­හන මගින් වතු කම්ක­රු­වන්ගේ නිවාස අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම පම­ණක් නොව පිරි­සිදු ජලය, විදු­ලිය, සෞඛ්‍ය පහ­සු­කම්, අධ්‍යා­ප­නය මෙන්ම ජීව­නෝ­පාය සංව­ර්ධ­නය, සමාජ ‌ගෞරවය සහ විශ්ව­ස­නීය අනා­ග­ත­යක අපේ­ක්ෂාව ගොඩ නැ‍ඟීම ඇතුළු ජීවන තත්ත්වයේ උසස් වීම්ද සිදු වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us