සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

Published in පුවත්
Wednesday, 08 October 2025 07:47

පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මෙම ගැසට් නිවේදනයක් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ, අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශයන් ලෙස ද, ඌරන් රෝග අවදානම් සතුන් ලෙස ද, මෙම ගැසට් නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රය ඔක්තෝබර් මස 3 වන දින සිට ක්‍රියාත්මක වන අතර, කලින් ඉවත් කළහොත් මිස හෝ එම පනතේ 5(3) වගන්තිය අනුව වලංගු කාලය දීර්ඝ කළහොත් මිස ක්‍රියාත්මක වන දින සිට මාස 03කට නොවැඩි කාලයක් සඳහා වලංගු වන අතර, රෝග තත්ත්වය අනුව කාලය දීර්ඝ කිරීමේ හැකියාව ඇති බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අදාළ ගැසට් නිවේදනය මඟින් සූකර උණ රෝගය අවදානම් ප්‍රදේශයන්ට සීමාකිරීමට හා පැතිරීම වැළැක්වීම සඳහා පහත සඳහන් ක්‍රියා හා කටයුතු තහනම් කර තිබේ.

සත්ත්ව රෝග පනතේ 5 (4) වගන්තිය යටතේ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරකය මගින් අපවිත්‍ර වූ කිසිවක්, 1999 දෙසැම්බර් 03 දින අංක 1108/23 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගයේ VII ආකෘතියට අනුකූලව කොට්ඨාස භාර පශු වෛද්‍ය නිලධාරිවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් ප්‍රදේශය තුළ හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම.
ඉහත වගන්තිය ප්‍රකාරව ප්‍රවාහනය සඳහා නිකුත් කළ බලපත්‍රයක් නොමැති ඌරන් මස් පිණිස ඝාතනය කිරීම.
මෙම නියෝගයේ නම් කරන ලද බලයලත් නිලධාරියකුගේ අවසර පත්‍රයක් නොමැතිව ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරකය මගින් අපවිත්‍ර වූ කිසිවක්, විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම.
අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වූවා හෝ ආසාදිත වූවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක් වූ ද්‍රව්‍යය අපහරණය කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයේ සඳහන් උපදෙස්වලට අනුව මිස, ජලය සම්බන්ධ කිසිඳු ස්ථානයකට දැමීම, වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකිවන පරිදි යම් ස්ථානයකට දැමීම හෝ ස්ථානගත කිරීම.
මෙම නියෝගයේ නම් කරන ලද බලයලත් නිලධාරියෙකු විසින් අනුමත කරන ලද ඝාතකාගාරයක/ගබඩාවක/ මස් සැකසුම් මධ්‍යස්ථානක හැර වෙනත් ඝාතකාගාරයක ගබඩාවක/ මස් සැකසුම් මධ්‍යස්ථානක ඝාතනය කිරීම/ ගබඩා කිරීම/ සකස් කිරීම.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us