ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් 24%කට විශාදය

Published in පුවත්
Thursday, 09 October 2025 09:12

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් සියයට විසිහතරක් (24%) විශාදයෙන් පෙළෙන බවට සායනික වශයෙන් තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පැවසීය. මෙය භයානක තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.

කැලණිය විශ්වවිද්‍යාලය සහ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක්දහස් හතළිස්පස් දෙනකු (1,045) සහභාගි කරගෙන සිදුකළ පර්‌ෙ ය්ෂණයකින් මේ බව හෙළිව තිබේ.

එසේම සිසුන්ගෙන් සියයට හැටක (60%) පිරිසක් විශේෂ රෝග තත්ත්වයක් නොමැතිව මානසික ආතතියෙන් පෙළෙන බවද හඳුනාගෙන ඇත.

මෙම තත්ත්වයෙන් පැහැදිලි වන්නේ පාසල් සිසුන්ගෙන් බහුතර පිරිසකට ඔරොත්තු දීමේ හැකියාව නොමැතිකම බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඊට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ මෙම දරුවන්ගේ ගැටලුවලට දෙමව්පියන් ඇහුම්කම් නොදීම සහ ඔවුන්ගේ ප්‍රශ්න නොසලකා හැරිමයි. මීට අමතරව කුඩා කාලයේ ඔවුන්ට සිදුවූ වධහිංසා සහ අපයෝජනවලට පිළියම් යොදා නොමැතිවීම, නිරන්තරයෙන් විභාග සඳහා යොමු කිරීම, විශේෂයෙන් මාස තුනකට වතාවක් වාර විභාග පැවැත්වීම ද මෙසේ දරුවන් ආතතියට පත්වීමට හේතුවක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us