ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, එළඹෙන නොවැම්බර් මාසයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කරනවා.

2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (16) දිනයේ ගනු ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද(16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් සිදු කිරීමට තමා ආරම්කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමෘද්ධි අධිකාරියෙන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර් ග්‍රහණය වීමේදී වැටුප් අඩු වු සමෘද්ධි නිලධාරීන්ගේ වැටුප්, දිරි දීමනා ඇතුළු සියලු ගැටලුවලට ලබන සතියේ පැවැත්වෙන ඇමති මණ්ඩලයේදී විසඳුම් ලබාදීමට රජය තීරණය කර ඇත.

ld add copy

Latest News

රනිල්ට ඇප !

රනිල්ට ඇප !

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දින ඇප ලබා දීමට කොටුව මහෙස්ත...

Connet With Us