කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකක තුනෙන් එක් ඒකකයක් වසා දමා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බහලුම් පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධව රේගුව අධ්‍යයනය කරමින් සිටින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර අද පැවැත්වෙනවා.

2020 - 2024 වර්ෂවල විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට 2025 අයවැයෙන් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව 20-24 විශ්‍රාමික එකමුතුවේ සභාපති මාලික විමලසූරිය පවසයි.

අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ld add copy

Connet With Us