පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ වලට ආරාධනයක් ද සිදු කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබන්නේ ''ඔබේ මතය දරන්න, ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න, එකට සිටගමු'' යන තේමාව ඇතිවයි.