කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 20 -24 වර්ෂවල විශ්‍රාම ගිය පුද්ගලයන් භාණ්ඩ සහ සේවා මිල ඉහළ යද්දි, උද්ධමනයට සරිලන සේ මූලික වැටුපේ වැඩිවීමක් නොමැතිව සේවය කර කාලයට නොගැළපෙන විශ්‍රාම වැටුපක් සමග විශ්‍රාම ගිය අය බවය
මේ සම්න්ධව සාකච්ජා කිරීමට පසුගිය මැයි මස 2 වැනිදා සාකච්ජාවක් ලබාදීමට ආණ්ඩුව පොරොන්දු වුවවද එය ලබා නොදුන් බවද ඔහු සඳහන් කළේය.
එසේම පසුගිය දෙවනදා මේ විශ්‍රාමිකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලය පොරොන්දුවක් දී ඇතත් මෙතෙක් එ සඳහාද සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැත.