රේගුවේ බහලුම් පරීක්ෂා කිරීමට කෘත්‍රිම බුද්ධිය

Published in පුවත්
Saturday, 20 September 2025 10:22

බහලුම් පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධව රේගුව අධ්‍යයනය කරමින් සිටින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවැසීය.

මෙලෙස කෘතිම බුද්ධිය යොදා ගැනීම මගින් බහලුම්වල තිබෙන දෑ නිශ්චිතවම හඳුනාගැනීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියේය.

මෙලෙස බහලුම් පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාද උපදෙස් ලබාදී ඇතැයිද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

මුලින්ම දැඩි අවදානම් කාණ්ඩයට අයත්වන “රතු ලේබල්“ බහලුම් හඳුනාගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත්, බහලුම් පරීක්ෂා කිරීමට දැනට භාවිත කෙරෙන පද්ධතියට (Automated Risk Management System) මෙම කෘත්‍රිම බුද්ධිය එකතු කිරීමට කටයුතු කරන බවත්, එය අතිශය වියදමක් වැය වන සංකීර්ණ කටයුත්තක් බවත් ඔහු කියා සිටියේය.

මෙම ක්‍රමවේදය යටතේ නියමිත මිලට වඩා මිල අඩුවෙන් සඳහන් කරන ලද භාණ්ඩ හඳුනාගැනීමටද බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us