පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු අද (16) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.

අලුත් හඳක් පායයි

Published in පුවත්
Sunday, 15 September 2024 19:36

මීටර 10ක පමණ විශ්කම්භයකින් යුතු කුඩා සඳක් නුදුරේදීම පෘථිවිය වටා කක්ෂගත වීමට නියමිත බව තාරකා විද්‍යාඥයින් පවසයි.  

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි. 

මෙරට දේශපාලන සංවාද අතර දැඩි කතාබහට ලක්වී ඇති සංවාද මාලාවක් වන සිරස 'සටන' වැඩසටහනට මෙවර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ද ආරාධනා කර ඇත් නමුත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට සහභාගි නොවන බව දන්වා ඇතැයි දැනගැනීමට ඇත. ඔහුගේ එම තීරණයට හේතු වී ඇත්තේ 'හිරු' මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ දැඩි බලපෑම නිසා බවත් වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඒකාන්ත බවත්,එම පරාජයත් සමග ඔහු වහාම දේශපාලනයෙන් ඉවත් වීමට සිදු වන බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සමගි ජන බලවේගයේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් එහි කණ්ඩායම් කිහිපයක් අතර මේ වන විටත් බල අරගලයක් මතුවී තිබේ.

සමගි ජන බලවේගයේ, ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඔහු ඉදිරියේ දී ලැබීමට නියමිත නියත පරාජයෙන් තැති ගැන්මකට ලක්වී, සමීපතමයන් කිසිවකුට හෝ ඇහුම්කන් නොදෙන වියරුවෙන් පෙලෙන අයෙක් ලෙස හැසිරෙන බවට, සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ld add copy

Connet With Us