එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා සමග අමෙරිකාවට ගොස් සිටින විදේශ අමාත්‍ය විජිත හේරත් සහ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසර් හූකර් අතර හමුවක් ඊයේ සිදු වුණා.

ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

හෙද නිලධාරීන්ට පත්වීම් ලබාදීම ඔක්තෝබර් මාසයේ සිදු කරන අතර පත්වීම් ලබන සියලුදෙනා උතුරු නැඟෙනහිර රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල සේවාවට අනුයුක්ත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවට පැමිණි දැවැන්තම විදේශ ආයෝජන යෝජනාව වන, ඩොලර් බිලියන 3.5 ක් පමණ වන හම්බන්තොට සිනොපෙක් ඛනිජ තෙල් පිරිපහදුව පිළිබඳ යෝජනාව මේ වන විට ඇණ හිට ඇති බව වාර්තා වේ.

තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි 'රජයේ සුපර්ඇප්' යෙදවුමක් (Government Superapp) නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීමට ඉදිරියේදී පොහොර ලබාදීමේදී QR කේතයක් ලබාදීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ld add copy

Connet With Us