විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කළ ගැසට්ටුව අද පාර්ලිමේන්තුවට

Published in පුවත්
Wednesday, 24 September 2025 09:52

ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, අද දහවල් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු වෘත්ති සමිති එක්ව අවසන් තීරණයක් ගන්නා බවය

මේ අතර විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නියමය ඇතුළත් ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට අද (24 වැනිදා) ඉදිරිපත් කෙරේ.

මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කෙරෙන්නේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තවේ ඊයේ (23 වැනිදා) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයකට අනුව ය.

මේ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කරන ලද අංක 2454/68 දරන ගැසට් පත්‍රයේ ජනාධිපතිවරයා කර ඇති නියමය අනුමත කිරීමට නියමිතව ඇත්තේ විවාදයකින් තොරව ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us