හෙද පත්වීම් ලබාදීම ලබන මාසයේ - පත්වීම් ලබන සියල්ලන් උතුරු නැඟෙනහිර රෝහල් වලට

Published in පුවත්
Tuesday, 23 September 2025 15:20

හෙද නිලධාරීන්ට පත්වීම් ලබාදීම ඔක්තෝබර් මාසයේ සිදු කරන අතර පත්වීම් ලබන සියලුදෙනා උතුරු නැඟෙනහිර රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල සේවාවට අනුයුක්ත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

2019 සිසු හෙද කණ්ඩායම ඔක්තෝබර් මාසයේ පත්වීම් ලබන බව ද ඇමැතිවරයා සදහන් කළා.

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියා.

යාපනයේ “බී“ වර්ගයේ රෝහල් 5 කුත්, කිලිනොච්චියේ බී වර්ගයේ රෝහල් 1 කුත් තිබෙන අතර සී වර්ගයේ රෝහල් යාපනයේ 18 කුත් කිලිනොච්චියේ 6 කුත් ස්ථාපිත බව ද ඇමැතිවරයා විසින් පෙන්වු
යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය රෝහල් 30 ක් ස්ථාපිත බව ද ඇමැතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1374 ක් සඳහා සැප්තැම්බර් 15 වැනිදා රාජකාරියට වාර්තා කිරීමට හැකි වන පරිදි පත්වීම් ලබාදීම සිදු කර ඇති අතර එම නිලධාරීන්ගෙන් පිරිසක් යාපනය හා කිලිනොච්චිය රෝහල්වලට අනුයුක්ත කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවා.

රේඛීය අමාත්‍යාංශයට අයත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය සෞඛ්‍ය සේවක පුරප්පාඩු පිරවීමෙන් පසුව ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡා කර පළාත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය සේවක පිරිස බඳවා ගැනීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us