නෙළුම් කුළුණේ ආදායම ඉහළට

Published in පුවත්
Thursday, 25 September 2025 11:43

නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව එහි සභාපති ශිරන්ත පීරිස් පවසයි.

මෙම වසරේ අගෝස්තු 31 වැනිදා වන විට බදු පෙර ලාභය රුපියල් මිලියන 539.93ක් වන අතර, එය පෙර වසරේ එම කාලය තුළ පැවැති රුපියල් මිලියන 194.43ක ලාභයට සාපේක්ෂව සියයට 192ක වර්ධනයක් පෙන්නුම් කරයි.

2024 ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසු, නෙළුම් කුලුනේ ආරක්ෂක ප්‍රමිතීන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මේ යටතේ නැරඹුම් මණ්ඩපයේ ආරක්ෂාව සඳහා යකඩ ආවරණයක් යොදා ඇති අතර, ආරක්ෂක නිලධාරීන් සහ CCTV නිරීක්ෂණ වැඩි කර ඇත.

තවදුරටත්, සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී. නුදුරේදීම හඳුන්වා දීමට නියමිත ඔන්ලයින් ටිකට්පත් මිලදී ගැනීමේ ක්‍රමවේදය මගින් නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවගේ තදබදය අවම කරගත හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

මීට අමතරව, ඩිජිටල් කාර් නැවැත්වීමේ පහසුකම් සහ වඩාත් විධිමත් වෙබ් අඩවියක් ද ඉදිරියේදී හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

නෙළුම් කුලුනේ ආදායම ඉහළ නැංවීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අතර, "Lotus Aquarium Café" නමින් අවන්හලක්, "බංගි ජම්පින්" වැනි ත්‍රාසජනක ක්‍රීඩා මධ්‍යස්ථානයක් සහ 28 වන මහලේ සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. වර්ග අඩි 42,000ක ගබඩා ව්‍යාපෘතියක් මගින්ද ආදායම් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ව්‍යාපෘතිය සඳහා වැය වූ මහජන මුදල් නැවත ජනතාවට උපයා දීම තම අරමුණ බවයි. ඔහු අවධාරණය කළේ, කුලුනේ සෑම බිම් අඟලක්ම වෙළෙඳ වටිනාකමකින් යුතුව ආදායම් උත්පාදනය සඳහා යොදවන බවයි. තමා මේ සඳහා වැටුප් නොගෙන සේවයක් ලෙස කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චමරු ද අල්විස් පැවැසුවේ, නෙළුම් කුලුනේ වාර්ෂික ආදායම රුපියල් මිලියන දාහක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවයි. සේවකයන්ගේ උනන්දුව සහ කැපවීම මෙම ප්‍රගතියට ප්‍රධාන හේතුවක් වූ බවද ඔහු සඳහන් කළේය.

Last modified on Thursday, 25 September 2025 12:11

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us