දෛනිකව මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 15 ක් !

Published in පුවත්
Thursday, 25 September 2025 12:00

දෛනිකව මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 15 දෙනකු වාර්තා වන බවත් එසේම දිනකට පියයුරු පිළිකා රෝගීන් තිදෙනකු මියයන බවත් ජාතික පිළිකා මර්දන වැඩසසටහන අනාවරණය කරයි .

ඊයේ (24 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම ප්‍රකාශ කළේ 2022 දී වාර්තා වූ දත්ත අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර පිළිකා රෝගීන් 19,457ක් හඳුනාගෙන ඇති බවය.

පියයුරු පිළිකාව පෙර සිට හඳුනාගැනීමෙන් සුව කළ හැකි වුවත් පියයුරු පිළිකා රෝගීන් 30%ක් පමණම අවසන් තත්ත්වයේ දී හඳුනාගැනීම තුළින් සුව කිරීම අසීරු වන බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

වසරකට ලංකාවේ පිළිකා හේතුවෙන් 15,245ක් මියයන අතර එයින් 798ක් පියයුරු පිළිකා හේතුවෙන් මිය යන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම ප්‍රකාශ කළාය .

පියයුරු පිළිකා හඳුනා ගැනීමට අවුරුදු 20ට වැඩි සියලු ගැහැනු දරුවන් විසින් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගත යුතු වන අතර, එසේ නොමැති නම් සායනික පියයුරු පරීක්ෂාවට යොමු විය යුතු බව මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂ හසරැලි ප්‍රනාන්දු පැවැසුවාය .

පියයුරේ ඇතිවන වේදනාවන්, පියයුරුවල ඇතිවන ගැටිති තත්ත්වයන්, සමේ හැඩය වෙනස් වීම, පියයුරේ ප්‍රමාණය වෙනස් වීම, වළ ගැසීම, තන පුඩුවල ඇතිවන වෙනස එනම් යම් කිසි ශ්‍රාවයක් පිට වීම මෙන්ම කිහිල්ලේ ඇතිවන ගැටිති පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ වන අතර අවුරුදු 20-40ත් අතර කාන්තාවන් සායනික පියයුරු පරීක්ෂාව සඳහා වසර තුනකට වරක් යොමු විය යුතු බව ද අවුරුදු 40ට වඩා වැඩි කාන්තාවන් වසරකට වරක් සායනික පියයුරු පරීක්ෂාව සඳහා යොමු වියයුතු බවද වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us