සිළුමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ප්‍රකාශයට පත්කිරීමට අපොහොසත් වුවහොත් එක්‌සත් භික්‍ෂු පෙරමුණ එජාපයේ සියලු කටයුතුවලින් ඉවත් වන බව එක්‌සත් භික්‍ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක්‌ යවමින් සඳහන් කර සිටී.

ඉකුත් බදාදා (12 දා) රාත්‍රියේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අතර හමුවක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී සිදුවී ඇත.

රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට ඉදිරියේදී දඩ මුදල් එස්‌. එම්. එස්‌. මගින් ගෙවීමේ පහසුකම සැලසෙන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

ආණ්‌ඩුවෙන් ඉවත් වෙනවාද? නැද්ද පිළිබඳව ජාතික හෙළ උරුමයේ අවසන් තීන්දුව අද (17) එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්‌වී තීරණය කිරීමට නියමිතව තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධ සම්මුතියට අත්සන් තැබීම කල් දමා ඇති බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය හරහා සිදු කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සැළසුම් කර ඇත.

ගම්පොළ නගරාධිපති, එක්සත් ජාතික පක්ෂයේ ගම්පොළ ප්‍රධාන සංවිධායක සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඊයේ (15) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ජනාධිපතිවරණයේදී එතුමාගේ විජයග්‍රහණය  තහවුරු කිරීමට කැප වී කටයුතු කරන බව පැවසීය.

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us