පොදු අපේක්ෂකයි, වැඩපිළවෙළයි දෙකම එළිදකී Featured

Published in පුවත්
Friday, 21 November 2014 09:00

ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තොරාගෙන ඇති බව එම ආරංචිමාර්ග තහවුර කරයි. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද දින නිකුත් කෙරෙණු ඇති බවද වාර්තා වේ. මේ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන නිල ප‍්‍රකාශනය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා මාස 6 ක් ඇතුළත විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා පියවර ගන්නා බවට වන එකගතාවයකට එළඹ ඇත.

එමෙන්ම අධිකරණය පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බළධාරීන්, නීතිපති සහ විගණකාධිපති වැනි ස්වාධීනව කටයුතු කළ යුතු ආයතන වලට ස්වාධීනත්වය ලබා දීමට ද මේ යටතේ එකග වී ඇති බව එම නිවේදනයේ දැක්වේ.


17 වන ව්‍යවස්ථා සංශෝධනය


එම එකගතාවයට අනුව 17 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බල ගැන්වීමටද සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ප‍්‍රතිඥා ලබා දී තිබේ.

මේ අතර මනාප ඡන්ද ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම කොට්ඨාශයකටම මන්ත‍්‍රීවරයෙකු පත්වන නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට ද එහි යෝජනා ඇතුළත්වේ.


එහිදී විවිධ ජන කොටස් වලට සහ දේශපාලන මත වලට නිසි නියෝජනයක් ලැබීම ද තහවුරු කිරීමට එකග වී ඇත.

සිවිල් සංවිධාන අනුමැතිය:

එබැවින් ඉහත අරමුණු ඉටු කර ගැනීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයග‍්‍රහණය කර වීමට ද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ දේශපාලන කණ්ඩායම් හා සිවිල් සංවිධාන අනුමැතිය ලබා දී ඇත.


එමෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා ලෙස පොදු සළකුණක් හා පොදු වර්ණයකින් යුතු නිර්පාක්ෂික පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමට ද යෝජනා එහි ඇතුළත්වේ.

මෙම අපේක්ෂකයා සමග පොදු වැඩපිළිවෙල මාස හයක් ඇතුළත කි‍්‍රයාත්මක කර ගැනීම සඳහා ස්ථිරසාර එකගතාවයක් ඇති කර ගැනීමට පෙළ ගැසෙන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


ෆොන්සේකාට දේශපාලන අයිතිවාසිකම්:


ඊයේ පසුවරුවේ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරයේ විශේෂ හමුවක් පැවැත් විය. එහිදී පොදු විපක්ෂය සම්බන්ධ තවත් තීරණ රැසකට එළැඹ තිබේ.


ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ඔහුගේ දේශපාලන අයිතිවාසිකම් ලබාදීමද ඊට ඇතුලත් බවට තොරතුරු වාර්තා වේ.


බෞද්ධ බලවේග:


මේ අතර පොදු අපේක්ෂකයාට සහය පල කිරීම සදහා ජාතික සංඝ සමුළුවක් කැදවීමටද තීරණය වී ඇත.

ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් පුජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියන් ප‍්‍රකාශ කලේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති සලකා බලා මෙම තීරණය ගන්නා බවයි.

පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් බෞද්ධ බලවේග ඒකරාශී කිරීම තම සම්මේලනය යටතට ගන්නා බවද උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කළහ.

Last modified on Friday, 21 November 2014 09:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us